World

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

යුද අපරාධ චෝදනා එල්ල වූ අයිවරි කෝස්‌ට්‌ රාජ්‍යයේ හිටපු ජනපති ලෝරන්ට්‌ බැග්බෝ ජාත්‍යන්තර අධිකරණය විසින් එම චෝදනාවලින් නිදහස්‌ කර ඇත.

 73 හැවිරිදි වියේ පසුවන හිටපු අයිවරි කෝස්‌ට්‌ ජනාධිපතිවරයා කොන්දේසි සහිතව බෙල්ජියමේදී නිදහස්‌ කර තිබේ. 2011 වසරේ සිට නෙදර්ලන්තයේ හේග් නුවර අත්අඩංගුවේ පසු වූ බැන්බෝ පැවසුවේ තමා සියලු චෝදනාවලින් නිදහස්‌ වූ බවයි.

 2010 වසරේ අයිවරි කෝස්‌ට්‌ රාජ්‍යයේ පැවැති මහ මැතිවරණයෙන් පසු ඇති වූ කලබලකාරී තත්ත්වය නිසා 3000 කට අධික පිරිසක්‌ මරුමුවට පත්වූහ.

 මෙම කලබලකාරී තත්ත්වය ගැන බැග්බෝට වගකිව නොහැකි බව ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවරු තීන්දු කරනු ලැබීය. අන්තර් ජාතික අධිකරණය හමුවේ යුද අපරාධ චෝදනා එල්ල වූ දෙවැනි රාජ්‍ය නායකයා ලෝරන්ට්‌ බැග්බෝයි.

 2011 වසරේදී එක්‌සත් ජාතීන්ගේ සහ ප්‍රංශ හමුදා බළකායක්‌ විසින් ජනපති මාලිගයේ බංකරයක සැ`ගවී සිටි බැග්බෝ අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් | උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday