Colombo Today Local News

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

ලංකාවේ ජනාධිපතිවරණයකට තරග කරන වැඩිම අපේක්‍ෂක සංඛ්‍යාවක් සහිත ජනාධිපතිවරණය මෙයවනු ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් ප‍්‍රමාණයක් මීට පෙර තරග කර ඇත්තේ ඉකුත් 2010 ජනාධිපතිවරණය සඳහාය. එහි අපේක්‍ෂක සංඛ්‍යාව 22 කි.

එහෙත් මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට මේ වන විට අපේක්‍ෂකයන් 20 දෙනෙකු ඊයේ (2 දා) දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇත. කම්කරු පක්‍ෂයේ අපේක්‍ෂක ලෙස ඒ. එස්. පී. ලියනගේ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සමරවීර වීරවන්නි හා අශෝක වඩිගමංගාව යන මහත්වරුන් ස්වාධීනව තරග කිරීමට ඊයේ ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ අනුව දේශපාලන පක්‍ෂ 11 කින් අපේක්‍ෂකයන් 11 දෙනෙකුද ස්වාධීන අපේක්‍ෂකයන් 9 දෙනෙකුද මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇත.

ඇප තැන්පතු භාර ගැනීම ලබන ඉරිදා (6 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි. නාමයෝජනා පත‍්‍ර භාර ගැනීම 7 වැනිදා සිදුකෙරේ.

Related posts

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin

සියළුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි !

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday