Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණය පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ නාමල් කුමාරගේ සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකටයුතු ඉන්දීය ජාතිකයා 53 වැනි වියේ පසුවන අතර ඔහු මීට ටික කලකට උඩදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු බවත් තමන් වෙත එල්ල වූ මරණීය තර්ජන නිසා හොර රහසේම ශ්‍රී ලංකාවට පලා ආ බවත්ය.

තමන් මෙරටදී සරණාගතභාවය ඉල්ලා සිටියද එය නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාමල් කුමාරගේ මාධ්‍ය ඔස්‌සේ සිදුකළ හෙළිදරව්ව පිළිබඳව තමන් දුටු බවත් ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථා කීපයකදීම වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්‌පර විරෝධී බවය.

මෙසේ සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

Divaina

Related posts

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday