ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ දී අගමැතිවරයා හා නීතිපතිවරයා කැදවා ඇත.
බැඳුම්කර කොමිසමේ වාර්තාව රැගෙන පොළොන්නරුවේ නිවසට ගොස් ඇති ජනාධිපතිවරයා, ඊයේ (31) දිනයම වෙන්කර ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ය.