Colombo Today Local News

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමතිධූරය අතහැරීමට සූදානම් බවත් ඇමති රිෂාද් බදියුදීන් සඳහන් කර ඇත.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී බදුර්දින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමනට විරුද්ධව ගෙන විත් ඇති විශ්වාසභංග යෝජනාවේ චෝදනා අසත්‍ය බව ද ඔහු සඳහන් කර තිබේ.

විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇත්තේ තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බවද බදුර්දීන් මහතා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්නැයි තමන් හමුදාපතිට බලපෑම් කළේ නැති බවත් හමුදාපතිට දුරකථන ඇමතුමක් දී සැකකරුවකු ගැන තොරතුරු පමණක් දැන ගැනීමට කටයුතු කල බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

තමනට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට මුහුණදීමට තමන් කිසිසේත්ම බිය නැති බවද ඔහු තවදුරටත් කියා තිබේ.

ජනාධිපති හෝ අගමැති ඉල්ලා සිටින්නේ නම් තමන් පමණක් නොව තම පක්ෂයේ සියලු දෙනා තනතුරැවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු පවසා ඇත.

Related posts

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday