Colombo Today Local News

ජනපතිවරයා දෙමළ ජනතාව රැවැට්ටුවා… අපට ඕන එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක්…

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙමළ ජනතාව රවටා තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය,

“නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර තිබීම පිළිබඳව දෙමළ ජනතාව විමතියට පත්ව තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය පිළිබඳවත් දෙමළ ජනතාව රැවටීම ගැනත් පුදුමයට පත්ව තිබෙනවා.

පවුල් දේශපාලනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට විරෝධය දක්වමින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් වෙනසක් අපේක්ෂා කළා. පසුව ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම සුළු දේශපාලන පක්ෂ ඔහුව ජයග්‍රහණය කරනු ලැබුවා.

නමුත් මේ වන විට රටේ තිබෙන දේශපාලන වෙනස හේතුවෙන් රටම කැලඹීමට ලක්ව තිබෙනවා. ජනාධිපතිවරයා මේ සියලු තීරණ ගෙන තිබෙන්නේ අත්තනෝමතිකවයි.

කවුද අග්‍රමාත්‍යවරයා යන්නට වඩා වැදගත් වන්නේ ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී ඇති වූ ප්‍රජාතන්ත්‍ර විරෝධීතා ක්‍රියාදාමයන් අවසන් කිරීමේ අරමුණින් තමයි රටේ ජනතාවත්, ජාත්‍යන්තරයත් එක්ව 2015 ජනවාරි මාසයේදී ආණ්ඩු වෙනසක් සිදු කරනු ලැබුවේ.”

Related posts

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මුල් පුටුව ඉමිතියාස් බාකීර් මාකාර්ට !

colombotoday

විදේශයන්හි සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

colombotoday