අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරදි බවට ඇති ප්රබලම නීති තර්කය ඉදිරිපත් කරමින් විශේෂ ප්රකාශයක් සිදුකර ඇත. ඒ අනුව විධායක ජනාධිපතිවරයා සතු විශේෂිත බලතල ජනමත විචාරණයකින් තොරව ඉවත් කළ නොහැකි බැවින් 19 වැනි සංශෝධනය හරහා වී ඇත්තේ 70(1) යටතේ තිබූ බලය 33 (2) (ඈ) යටතට ලබා දී ඇති බව ප්රකාශ කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා සතු බලතල අවිධිමත් සංශෝධනයක් හේතුවෙන් වැඩි වී තිබෙන බවද පැහැදිලි වේ.