Colombo Today Local News

චෝදනාවට ලක් වෙන්න එපා. ජනපතිගෙන් ඇමතිවරුන්ට අවවාද

“පසුගිය  වකවානුවේ  ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට  සහ අමාත්‍යවරුන්ට  පැවරී  තිබුණේ  මුළු දවසම අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව  තිබුණා.  ඒ චොදනාවට ලක් වෙන්න එපා . රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න” යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  ( 22)  පැවැති  නව අමාත්‍ය මණ්ඩයේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු   නව අමාත්‍ය මණ්ඩලය අමතා  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 වැඩිදුර අදහස් දක්වමින්  ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

“අපි දැන් පිහිටුවලා තියෙන්නේ  අන්තර්කාල ආණ්ඩුක්. ලැබෙන පළමු අවස්ථාවේදීම  මහ මැතිවරණයක් පවත්වල අපේ රජයක් පිහිටුවනවා  කියලා  අපි  කිව්වා. ඒ වෙනුවෙන් ජනවරමක් ඉල්ලුවා.ජනතාවගේ කැමත්තට මහ මැතිවරණයකට අපි යනවා. මේ  ආණ්ඩුව පිහිටුවන්නේ  ජනතාවට පොරොන්දු වූ කරුණු ඉටු කිරීමට පමණයි. ඒකයි 15 දෙනකුගෙන් යුත්    අමාත්‍ය මණ්ඩලයක්  පත් කරගත්තේ. ඉදිරියේදී අපිට  අභියෝග රැසක් තියෙනවා .

මේ වෙද්දි පැවැතතෙන දේශපාලන සංස්කෘතියට විශාල අප්‍රසාදයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ඒක .නව රජය එම සංස්කෘතියෙන් ඉවතතට ඇවිත් ජනතාව බලාපොරොත්තුවෙන යුගයකට යා යුතුයි.

ඒ නිසා අපි අපේ උපරිම හැකියාව යොදලා අපි ජනාව වෙනුවෙන් අපි  පොරොන්දු වුණ මූලික කරුණු අපි ඉටු කරනවා . එයට සෑම දෙනාගෙම සහය බලා පොරොත්තුවෙනවා.
 
රජය යටතේ තියෙන සංස්ථා මණ්ඩල  බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා.අපි මේවා ලාබ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින්  සාර්තකව ගෙනියන්න අවශ්‍යයයි. ඒනිසා  සභාපතිවරු අධ්‍යක්ෂ  මණ්ඩලය පත් කරද්දී  සුදුසුකම් තියෙන වෘත්තිමය දැනුමක් තියෙන  සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් , කාර්ය මණ්ඩලයක් පත් කල යුතුයි.තේරීම් මණ්ඩලයක් හරහා ඒ ආයතන ප්‍රධානීන්  තෝරා ගන්නවා. අමාත්‍ය මණ්ඩලයටත් කියනවා ඒහෙම අය ඉන්නවනම් තේරිම් මණ්ඩලයට යොමු කරන්න.   අයතන කාර්යක්ෂම වෙන්න ඒය ඉතා වැදගත් .

නිපුණත්වයක් අවශ්‍ය නොවන අමාත්‍යංශවල තියෙන ඇබෑර්තු   ඒ සුදුසුකම් ඇති අයට දෙන්නත. අවසනාවට පසුගිය කාලයේදී අපට  ඇසුණේ ඒ ඒ අමාත්‍යවරු අ තමන්ගේ ආසනයේ අය  පත් කරනවා කියලා. ඒ වා දිය යුත්තේ  දුප්පත් පවුල් වල අයට ඒවා දෙන්න ඕනි. ඒ අය ඉහළට ගන්න පුළුවන් ඒ විදිහට.  ඉහළ සුදුසු කම් වැඩි අයට දුන්නොත් ඒවා සිදු වෙන්නේ නැහැ. පුරප්පාඩු අමාත්‍යවරයා විසින් පුරවන්නේ නැතිව  සෑම මන්ත්‍රීවරයකුටම ඒ අවස්ථාව දිය යුතුයි. එවැනි පුරප්පුඩු ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන්න. ඒවා අපි බලන්නම්.” යනුවෙන් පැවසීය. 

Related posts

නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට පියවර

colombotoday

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday

පරවි සුදාගේ ගෝලයා රට පනින්න යද්දී මාට්ටු

Admin

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday