Colombo Today Local News

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

චීන රජයේ දූත පිරිසක් අද (08) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් මෙලෙස පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

සංචාරයේ නිරත චීන දූත පිරිස හෙට (09) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

Related posts

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි CID ය‌ට

colombotoday

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday