Colombo Today Local News

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තියත් සමග චීනයේ බීජිං නුවර ගුවන් ගමන් 1200 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

බීජිං නුවර පාසල් ද අද (17) දිනයේ සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බීජිං නුවර වෙළඳපොළකින් නව ආසාදිතයින් පොකුරක් සොයාගැනීමත් සමග මේ වන විට එරට තුළ යළිත් වරක් නව කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් මතුව තිබේ.

අද දිනයේ තුළ ද එම නගරයෙන් නව ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය හමුවේ බීජිං නුවර වැසියන්ට අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට නගරයෙන් පිටතට නොයන ලෙස බලධාරීන් ඉල්ලීම් සිදුකර ඇති අතර නගරය ආශ්‍රිත ප්‍රදේශ 30 ක් වසා දැමීමට ද පියවර ගෙන තිබේ.

Related posts

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

colombotoday

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday