Colombo Today Local News

‘චක්‍රලේඛය උල්ලංඝනය කර ‘සුරක්ෂා’ පෞද්ගලික සමාගමකට’

පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණය රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් විදේශීය රක්ෂණ ආයතනයකට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අභ්‍යන්තර විකුණුම් නිලධාරී සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් චෝදනා කරයි.

එම රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව රජයේ ආයතනවල රක්ෂණ කටයුතු සඳහා මිල ගණන් කැඳවිය යුත්තේ රජය සතු රක්ෂණ ආයතන වෙතින් පමණක් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය එය නොතකමින් සුරක්ෂා සිසු රක්ෂණ සඳහා පෞද්ගලික ආයතනවලින්ද මිල ගණන් කැඳවා ඒ අනුව විදේශීය සමාගමක් වන ‘ඇලියන්ස්’ සමාගමට එම රක්ෂණය ලබාදී ඇති බවත් එම චක්‍රලේඛය උල්ලංඝනය කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරෙන බවත් එහි අවධාරණය කර තිබේ.

රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව කටයුතු කිරීමේදී රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ වෙනත් අපචාරවල යෙදීම නතර වන බවත්, මෙම රක්ෂණ පුද්ගලික ආයතනයකට ලබාදීම තුළ එම විනිවිදභාවය අහෝසිවන බවත් එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම තීරණය තුළින් රාජ්‍ය බදු මුදල් විදේශයකට යෑම අනිවාර්ය බවත් රුපියල ඉතා අඩු අගයක පවතින මෙම අවස්ථාවේ එය ඉතා හානිදායක බවත් එහි දැක්වේ.

Related posts

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

(Video) මෙතරම් පාවා දිමක් තවත් නෑ.. බලහත්කාරයෙන් සම්මතකල පනතේ භයානකකම විමල් කියයි

colombotoday