Colombo Today Local News

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට බාධා වන ආකාරයට කිසිදු තීන්දු තීරණයක්‌ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු නොකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර තිබෙන දේශපාලන දැනුම තවදුරටත් පුළුල් වී ඇති බවත් ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා පරාජය කිරීම සඳහා දිය හැකි සෑම සහයෝගයක්‌ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදෙන බවත් සුමතිපාල මහතා ඊයේ (20 දා) පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

පක්‍ෂ දෙකේ පහළ මට්‌ටමේ පිරිස්‌ විවිධ අදහස්‌ ප්‍රකාශ කළ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳ දේශපාලන ගමනක යෙදී සිටින බව කී සුමතිපාල මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට වාසිවන ආකාරයේ කිසිදු කටයුත්තක්‌ සිදු නොකරන බව ද කීවේය.

නායකයන් දෙදෙනාගේ දේශපාලන ගමන වෙනුවෙන් නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීන්දුවක්‌ ගන්නා බව ද සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

colombotoday

මැතිව්ස්ට කොවිඩ්

colombotoday

රටට අවශ්‍ය “වියත් මග“ නෙවෙයි.. මහින්ද යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ..

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday