ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.
අද (08)දින ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබේ.
ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.