පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරකසභාවේ සභාපති ධුරයන් සඳහා අමාත්‍ය ධුර දරන කිසිවකුත් පත් නොකරන බව ආණ්ඩුව අවධාරණය කරනවා. පැවැති ආණ්ඩුව අදාල තනතුරු සඳහා අමාත්‍යවරුන් පත්කිරීම හේතුවෙන් එහි ස්වාධීනත්වයට දැඩි බලපෑම් සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළා. එබැවින් පැවැති ආණ්ඩු සමයේදී කෝප් කමිටුවෙන් අපේක්‍ෂා කළ කාර්යභාරය ඉටු නොවුණු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. කෝප් කමිටු සාමාජිකයන් පත්කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවට පිවිතරු හෙළ උරුමයෙන් එල්ලවූ චෝදනාවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතික්‍ෂේප කළා.