Colombo Today Local News

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombo

විදේශිකයන්ගේ පැමිණීම ඉතා වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹ නගරය ලෝකයේ පළමු තැනට පත්වී ඇත.

2015 වසරේ පමණක් කොළඹ නගරයට මිලියනයකට අධික විදේශිකයන් පැමිණ ඇති බව ලෝක ආර්ථික සංසදය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වේ. පසුගිය සය වසර පුරා ලබාගත් දත්තවලට අනුව මෙම වර්ධනය පෙන්නුම් කරන බවත්, ලෝක ආර්ථික සංසදය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවට අනුව විදේශිකයන්ගේ පැමිණිම අතින් ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ චීනයේ චෙන්ඩු නගරයයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි නගරය තෙවන ස්ථානයට පත්ව ඇති අතර, ජපානයේ ඔසාකා නගරය සිව්වන ස්ථානයටත් සෞදි අරාබියේ රියාද් නගරය පස්වන ස්ථානයටත් පත්ව තිබේ.

වෙළෙද සහ සංචාරක කටයුතු සඳහා වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට විදේශිකයන් පැමිණෙන බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

colombotoday

ජපුරේ මහා ගැටුමක්

Admin

ආරක්ෂාව ගැන සැකයිනම් යාපනේ යන්න එපා.. උතුරු ආණ්ඩුකාරවරයා සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

රුපියල් මිලියන 75 ක් ලැබුන විදිහ දන්නේ නැ – හිටපු ඇමැති විමල්ට අධි චෝදනා

colombotoday