Colombo Today Local NewsCovid 19featured

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ,  ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.

Related posts

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

ජනපතිගේ නියෝජිතයෙක් සෞදි රජ පවුල හමුවේ – ගල්ගසා මැරීම සිරදඩුවමකට ලිහිල් කිරීමට පොරොන්දුවක්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

ඕස්ට්‍රේලියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සැකකරුට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ…

colombotoday