UncategorizedWorld

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

අලුත උපන් නිවුන් බිළිඳුන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඞ් යනුවෙන් නම් තැබීමේ පුවතක් ඉන්දියාව් රායිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගැහැණු දරුවාට කොරෝනා ලෙසත් පිරිමි දරුවාට කොවිඞ් ලෙසත් නම් තබා ඇති බවයි එරට වාර්තා වල දැක්වෙන්නේ.

මෙම නිවුන් දරුවන් දෙදෙනා උපත ලබා ඇත්තේ පසුගිය 26 වනදා රාත්‍රියේයි.

නව කොරෝනා වසංගතය හමුවේ සමස්ත ඉන්දියාවම අක්‍රීය කර ඇති වාතාවරණයක දරු උපත සඳහා සූදානම්වීමේදී ගැටලු රැසකට මුහුණපෑමට තමන්ට සිදුවූ බව දරුවන්ගේ මව සඳහන් කර තිබෙනවා.

ඇඳිරි නීතිය පණවා තිබීම හමුවේ රෝහලට යාමට වාහනයක් සොයාගැනීම දුෂ්කර වූ බවද එම ගමනේදී අවස්ථා රැසකදී පොලිසිය විසින් වාහනය අතරමග නතර කල බවද ඇය සිහිපත් කර තිබෙනවා.

එම දුෂ්කරතා සිහිවීම පිණිස සිය නිවුන් දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඞ් ලෙස නම් තැබූ බවයි දරුවන්ගේ මව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් අනාගතයේ දිනක එම නම් සංශෝධනය කිරීමට වුවද තම අකමැත්තක් නැතැයි 27 හැවිරිදි ඇය පවසා තිබෙනවා.

Related posts

පාඩුව කෝටි 184ක් කබ්‍රාල්ට යළිත් නඩු..

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

What is lampshading? The leggy fashion trend, explained

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday