Colombo Today Local News

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

මාරාන්තික කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

හොංකොංහි ප්‍රධාන භූමිය වන චීනයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5දෙනෙකු මේ වන විට හොංකොං රාජ්‍යයෙන් ද හඳුනාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 122දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන්. 

පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට චීනයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසයි හොංකොං නායිකා කැරී ලෑම් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ. 

පාසල් ලබන 17 වැනිදා දක්වා වසා තැබීමට සහ චීනයේ වූහෑන් නගරය සහ හොංකොං අතර සිදුවන ගුවන් ගමන් ඇතුළු සියලු ප්‍රවාහන සේවා කටයුතු අත්හිටුවීමට ද හොංකොං නායිකාව තීරණය කර ඇත.

Related posts

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

colombotoday

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin