Colombo Today Local News

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවේදී  කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සමග සමීපව සිටි බව කියන පුද්ගලයන් 30 දෙනෙකු මේවනවිට හඳුනාගෙන සිටින බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය .
 
ඔවුන් සියළුම දෙනා ආසාදිත කාන්තාව විසූ කැකුණගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවද ඔවුන්ගේ සම්පූර්ණ තොරතුරු සොයාගෙන සෞඛ්‍ය අංශද සමග එක්ව නිරෝධායනය සඳහා යොමුකරිමට  පියවර ගෙන ඇති බවද දිසානායක මහතා සඳහන් කළේය .
 

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාව ප්‍රතිකාර ගැනීමට පැමිණි කැකුණගොල්ල බෙහෙත් ශාලාවේදී ඇය හා සමීපව සිටි පුද්ගලයන් පිරිස අතරින් මේවනවිට 79 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය .
 
  මෙසේ අවදානම් පිරිසක් හඳුනාගෙන සිටීම හේතුවෙන් හෙට (5) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කළ පසුව කුලියාපිටිය , නාරම්මල , කටුපොත , සියඹලාගස්කොටුව ආදි ප්‍රදේශවල සැරිසැරීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා සඳහන් කළේය .

Lankadeepa

Related posts

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday