Colombo Today Local News

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වූ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ මට්ටමකට පහළ බැසිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එම්.ඒ. කරුණාරත්න ඊ​​යේ (26 වැනිදා) පැවැසීය.

ලෝක ආර්ථිකය ඉතා වේගයෙන් පහළට කඩා වැටීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික අවපාතය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අධිපතිවරයා පැවැසීය.

ලෝක ආනයන අපනයන සියල්ල නැවතී තිබෙන මෙම මොහොතේ ලෝක ආර්ථිකය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් වත්මන් රජය සියලු මූල්‍ය ආයතන මගින් සංචාරක ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්ට සහන ලබාදෙමින් එම ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර තුළම රඳවා තබාගැනීමට උපරිම උත්සාහ දරන බවත් කීය.

මීට පෙර ශ්‍රී ලංකාව සිදුකළ සියලු ආනයන සඳහා ඩොලර්වලින් ගෙවීම් කටයුතු ඉදිරි මාස කිහිපයේ සිදුකිරීමට ඇති නිසාත් පිටරටවල සේවය කරන පිරිස් මෙරටට ඩොලර් එවීම විශාල වශයෙන් නැවතී ඇති නිසාත් ඩොලර් සංචිත අවම වීමද මෙරට ආර්ථිකයට විශාල බලපෑම් කරන බව හෙතෙම පැවැසීය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin