මඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුව ශික්ෂණ රෝහල ඉදිරිපිට කොරෝනා රෝගින් මෙම රෝහලට ඇතුලත් නොකල යුතුයැයි තරුණයින් උද්ඝෝෂණයේ යෙදුණි.
එම ස්ථානයේ පොලීසිය හා හමුදා නිලධාරින් විශේෂ කාර්‍ය් බලකාය විශාල පිරිසක් යොදා තිබුණි. එම අවස්ථාවේ තරුණයින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම රෝහලට ප්‍රතිකාර සදහා සාමාන්‍ය රෝගින් රැගෙන එන ගිලන්රථ රෝහල් පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වු බවට රෝහල් නිලධාරියෙකු පැවසීය.
රෝහල් අවට කෝලහල මැඩලීම සඳහා පොලීසිය විශාල පිරිසක් යොදා ඇත. එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්ද පවති.