Gossip

කොරෝනා ගැන චිත්‍රපටයක්

ලොවම කම්පනය ට පත් කර ඇති කොවිඩ් -19 වසංගතය පසුබිම් කරගනිමින් මේ වන විටත් චිත්‍රපටයක් නිපදවා ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා (Corona) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ මේ වන විට කැනඩාවේ වාසය කරන ඉරාන සම්භවයක් ඇති සිනමාකරුවකු වන මොස්ටෆා කෙෂ්වාරි විසිනි.

මෙම සිනමාපටය තට්ටු නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළ සිරවෙන කිහිප දෙනෙකු වටා ගෙතුණු නිර්මාණයක් බැව් සඳහන් වේ.

මෙම විදුලි සෝපානය තුළ චීන තරුණියක ද සිටින අතර ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සහ ඇයගෙන් තමුන්ට ද එය බෝ විය හැකි බවට සෙසු සියලු දෙනා තුළ විශාල බියක් සැකයක් ඇති වෙයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පැතිරෙමින් ඇති චීන විරෝධී ජාතිවාදී හැඟීම් පිලිබඳ අවධානය යොමු කිරීම මෙම සිනමාපටයේ අරමුණ බව අධ්‍යක්‍ෂ කෙෂ්වාරි සඳහන් කර තිබිණි.

තමාට මෙම අදහස ඇති වූයේ පසුගිය කාලයේ චීන සංචාරකයින්ට එරෙහිව එල්ල වූ ප්‍රහාර සහ කෙණහිලිකම් ගැන දැනගැනීමෙන් පසුව බව ද ඔහු පවසා තිබේ.

මෙම සිනමාපටය රූපගත කර ඇත්තේ කැනඩාවේ වැන්කුවර් නගරයේ ය. මේ වන විට එහි වැඩ කටයුතු අවසන්ව ඇති බවත්, එය අන්තර්ජාලය හරහා නිකුත් කිරීමට නිෂ්පාදකයන් අදහස් කරන බවත් සඳහන් වේ.

Related posts

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

විග්නේෂ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක ජාතිවාදයට එරෙහිව කියපු ගීතය මෙන්න

colombotoday

මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාවක් උඩ – උමාරියා සිංහවංශ

colombotoday

දනුක ඩිල්ෂාන්ගේ ලෙන් පැටියා නිසා සාරංග + උමාලි විවාහය දෙදරයි?

colombotoday

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

colombotoday