World

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් දහස් ගණනින් මහාමාර්ගවලට පැමිණ වාහන ගිනි තබමින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් රට පුරා ප‍්‍රධාන නගර තිහකට අධික සංඛ්‍යාවක ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ හේතුවෙන් පොදු දේපළ රැසකට හානි වී ඇති අතර රටපුරා ස්ථාන ගණනාවක විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇතිවී තිබේ.

ඩොලර් විස්සක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කළ බවට වෙළඳසලකින් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් නමැත්තකු අත්අඩංගුවට ගත් අතර පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහුව බිම දමා ගෙල සිර කිරීම නිසා පසුව ඔහු මරණයට පත්වීම මෙම ගැටුම්වලට හේතුවයි.

අදාළ දුරකථන පණිවිඩයෙන් පසු පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ ෆ්ලොයිඞ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටි අතර එම සිද්ධිය කිසියම් පිරිසක් විසින් රූගත කර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන ලදී. ඒ සමග මෙම ගැටුම් ඇතිවූ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වන ඩෙරික් චෝවින් සහ ෆ්ලොයිඞ් අත්අඩංගුවට ගැනීමට උදව් කළ අනෙක් නිලධාරීන් තිදෙනා වහාම සේවයෙන් ඉවත් කරන ලදී.

පසුව ඩෙරික් චෝවින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන විට ගැටුම් හේතුවෙන් එක අයකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. තවත් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

ජනපති, අගමැති සහ ආරක්‍ෂක ඇමැති අත්අඩංගුවට | මාලි හමුදාව බලය අල්ලති.

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday