Colombo Today Local News

‘කොන්ත්‍රාත්වලට මිනී මරපු අය රණවිරුවන් ලෙස හැදින්විය හැකිද’ රණවිරුවන් ගැන එන්ජීඕ මතය සමන් රත්නප්‍රිය කියයි

saman rathnapriya

ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලට මිනී මැරූවන් රණවිරුවන් ලෙස සැලකිය නොහැකි බව ‘පුරවැසි සංවිධාන’ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.

කොළඹදී ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත මිනී මරා, මෝරුන්ට කෑමට දැමූවන්ට රණවිරුවන් යැයි පැවසීම රණවිරුවන්ව ලැජ්ජාවට ලක්කිරීමක් බවයි.

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අධිකරණය ඉදිරියේ වැරදි තහවුරු වුවහොත් අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බවත් ඔහු එහිදී පැවසීය. එක්නැලිගොඩ සිදුවීම පමණක් නොව නඩරාජා රවිරාජ්, ජෝශප් පරරාජසිංහම් යන අයගේ ඝාතන පිළිබදවද වහාම පරීක්ෂණ කොට වැරදිකරුවන්ට දඩුවම් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගැනීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු පැවසූයේ අදාළ සිද්ධියට හිරුණිකා සම්බන්ධදැයි පොලීසිය විසින් පරික්ෂණ කළ යුතු බවයි.

Related posts

ජවිපෙ අපේක්ෂකයා නිසා ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු වුණා – ගම්මන්පිල

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin