අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සිරකරුවන් සියළුදෙනා නිදහස් කරන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය අද (13) හර්තාලයක් ආරම්භ කර ඇත. කඩ සාප්පු සහ ආයතන සියල්ලක්ම පාහේ වසාදමා තිබෙන බව වාර්තා වේ. ඒ හේතුවෙන් උතුරේ ජන ජීවිතයේ සියළු කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වේ.
මේ අතර කොටි රැදවියන් සම්බන්ධනේ සාකච්ඡා කිරීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඊයේ කොළඹදී ජනාධිපතිවරයා හමුවී ඇති අතර අදියරෙන් අදියර එම සැකකරුවන්ට නීත්‍යානුකූලව නිදහස ලබා දිමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් පොරොන්දු වි ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සියළු රැදවියන් පොදු සමාව යටතේ වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි ද්‍රවිඩ සන්ධානය ඇතුළු කොටි රැදවියන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පවසන්නේ.