Colombo Today Local NewsCovid 19

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇත.

කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල සංකල්ප ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශයෙන් අද (20) දිනයේ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

එම සියලුම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගොස් පුජාවකට සහභාගි වු පිරිසක් බව මේවන විට අනාවරණය වී ඇත.

එම නිසා මෙම ආසාදිතයින්ගේ අශ්‍රිතයින් විශාල පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන් සහ නිළධාරීන් සමඟ මෙවන විට හදිසි සාකච්ඡාවක් පවත්වන බවත් වෛද්‍යවරයා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශය පුරාම, නගරයෙන් සහ ඒ අවට ගම්මානවලින් මෙම ආසාදිතයින් වාර්තා වන බවත් හම්බලව, ඌරුපිටිය, ගයියාල, බොහිංගමුව සහ ගලගෙදර යන ප්‍රදේශවලින්ද ආසිදිතයින් වාර්තා වන බව වෛද්‍යවරයා පැවසීය.

අවධානම් තත්ත්වයක් පවතින බැවින් ගතයුතු සියලුම ආරක්ෂක පිළිවෙත් ගැනීමට කටයුතු කර ඇති බව වෛද්‍යවරයා සඳහන් ක‍ළේය.

Related posts

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin