Colombo Today Local News

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

කලවාන පොලිස් වසමේ දී සුනඛයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව පහර කෑ සුනඛයා වේදනාවෙන් කෑගසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානය මගින් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊට අදාළ විමර්ශන නිසි ලෙස සිදුකරන ලෙස පොලිස් නීති කොට්ඨාශය විසින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව කලවාන පොලිසිය විසින් මෙම කුඩා සුනඛයාට පහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද දිනයේදී කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Related posts

අල-ලූණු අද ගිනි ගණන්

Admin

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වෘත්තීය සමිති මුදල් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් සිට තහනම්

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin