Colombo Today Local News

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටාදක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධුරවල සිදුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ භාරදී ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

කබීර් හෂීම්, මහතාට මහාමාර්ග අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවත්, රාජ්‍ය ඇමතිවරුන් වන සුජීව සේනසිංහ, රවින්ද්‍ර සමරවීර, හා නියෝජ්‍ය ඇමතිවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී පිරේරා යන අය කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද පැවසේ.

මේ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පිරිනැමීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගතාවයකට පැමිණි බවද ආරංචිමාර්ග කියා සිටී.

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රීලනිප අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යධුර වෙනස්වීමට නියමිතව ඇති බවද සදහන් වේ.

Related posts

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday