Colombo Today Local News

කැනඩාවට යන්න මුදල් බදින්න ගිය තරුණයාගේ සිරුර වැවකින් හමුවෙයි

කැනඩාවට යෑමට සුදානමින් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් මල්ලාවි වවුනිකුලම වැවේ තිබි සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසනවා.

මුලතිව්, මල්ලාවි, යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස හමුව ඇති බව සඳහන්.

අදාළ තරුණයා කැනඩාව බලා පිටත්ව යාමට අගෝස්තු 01 වැනිදා සුදානමින් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් ඩොලර්වලට මාරු කිරීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේදී තරුණයා මරණයට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

තරුණයා ඊයේ (30) දින නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබී ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පරීක්ෂා කර බැලීමේදී තරුණයාගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසල තිබී සොයාගත් බවද පොලිසිය කියා සිටියා.

අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය අදාළ ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේදී වවුනිකුලම වැවේ තිබි තරුණයාගේ මළ සිරුර හමුව තිබෙනවා.

තරුණයාගේ මුදල් දැක අදාළ මුදල ලබා ගැනීමට තරුණයා ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

Related posts

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරයි

colombotoday

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday

දේශපාලනඥයන් ආ ගිය දේවාලයක කපුවෙක් සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරටට විකුණලා

colombotoday