Colombo Today Local News

කාදිනල් තුමාට අපහාස කරමින් ආගම් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ කල කාන්තාවක් අත්අඩංගුවට

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා,

“කාදිනල් තුමා ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයින් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇති වෙන ආකාර ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ඡාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් 43 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.“ යනුවෙන් ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ, මෙලෙස මුදාහැර ඇති වීඩියෝව මඟින් යම් ආකාරයකට බෞද්ධ භක්තිකයින් ඒවගේම කිතුණු භක්තියකින් අතර යම් ආගමික වෛරයක් ඇති කිරීමට උත්සහ දරා ඇති බවට පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

ෆෙඩරල් පාලනයක් ඇති කරන්න මේ ආණ්ඩුවට ජනවරමක් නෑ.. ෆෙඩරල් ඊළාම් සිහිනයේ පළමු පියවරයි

colombotoday