Colombo Today Local News

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය.

ලබන 11 වැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතාට නියෝග කරනු ලැබුවේ ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාව අනුව නීතිපතිවරයා විසින් සිය සේවා දායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් කළහොත් මහාධිකරණයෙන් නොතීසි ලද විටක පෙනී සිටීමට පොරොන්දුවන බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවටත්, අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් පොරොන්දු වන බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

Related posts

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

Admin