එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් මෙන්ම ජාතීන් හා ආගම් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින් සිව්දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එරාවුර් පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.