Colombo Today Local News

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ සඳහා හේතුව වි තිබුණේ එල්.ටී.ටී.ඊ. ය කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වීම බවත් ඔහු පැවැසීය.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් හමුවෙමින් ඔහු මේ බව හෙළි කළේය.

යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.

මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. මම දන්නවා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන පසු බසින්නේ නෑ එල්.ටී.ටී.ඊ.ය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට.

ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව.අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම”

Related posts

රට කරවන්නෙ කොන්ද පණ නැති රැළක්.. රණවිරුවන් යුධ අධිකරණයටනම් ජනතාව පාරට බැසිය යුතුයි

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

අගමැතිට ගණන් පැටලේ.. ණය බර ගැන මහ බොරුවක් කියා රට නොමග යවයි.. ණය බරේ ඇත්ත කතාව මෙන්න !

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday