Colombo Today Local News

එජාප සන්ධානයේ නම – ලකුණ අද

නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය අද (10 ) රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වී​මේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘‘මෙතෙක් නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නොවූ කරුණු කාරණා සම්බන්ධයෙන් සහ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අද (10 වැනිදා) පැමිණෙනවා.

එමෙන්ම නව සන්ධානය පිහිටුවිය යුතුයි යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟතාව පළ කර තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ආසන 113 ලබාගැනීමේ අරමුණින් අප තරග කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ අය විවිධ මත දැරුවද සියලු දෙනා සිටින්නේ එකම දේශපාලන ප්‍රතිපත්තියකයි.

මහ මැතිවරණයට තරග කරන්නේ විපක්ෂයේ සිටීමට නොවෙයි ආණ්ඩු බලය ලබාගැනීමටයි. බහුතරය ලබාගෙන සජිත් ප්‍රේමදාස අගමැති වූ පසු ජනාධිපතිවරයා කවුරු වුණත් අප පක්ෂයට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. එලෙස බහුතර බලය ලබාගන්නා පුද්ගලයා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැඩ කිරීමට සිදුවෙනවා.

එමෙන්ම පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැසවීම ඇතැම් මන්ත්‍රීවරුන් වර්ජනය කළා. එහෙත් අද (10 ) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා.

Related posts

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 6 දෙනාත් චෝදනාවලින් නිදහස්

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday