Colombo Today Local News

එජාපෙ න් ජනපති සටනට එනවා – ධම්මික පෙරේරා ජනපතිට, විපක්ෂයට දැනුම් දෙයි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊට අදාළව දේශපාලන සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.

ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය ගැන සමාජ මාධ්‍ය ජාලා පුවත් පළ කරන්නට පටන් ගත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධම්මික පෙරේරාගේ නිවෙසේදී හමුවීමත් සමඟය. මෙහිදී පොදු අපේක්ෂකත්වය ගැන ආරාධනයක් හා අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

අනතුරැව වාර ගණනාවකදී ඔහු තමන්ට ජනතාවට සේවය කිරීම සඳහා වන අභිලාෂය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයට පත් කළේ තම යෝජනාව ගැන මත විමසුමක් ආරම්භ කරමිනි. එහෙත් ඔහු සෘජුවම තමන්ගේ අපේක්ෂකත්වය ගැන කරුණු හෙළිදරව් කළේ නැත.

ඒ අතර අරලියගහ මන්දිරයේදී රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට රටේ ආර්ථිකය නාගරික සංවර්ධනය සහ කඩාවැටී තිබෙන ආර්ථික මර්මස්ථාන නගාසිටුවීම ගැන මේ සතියේ විශේෂ විග්‍රහයක් කර ඇති බවද වාර්තා වේ.
ඒ අතර ධම්මික පෙරේරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී තමන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව දන්වා ඇත.

පසුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ රාජපක්ෂ මහතාගේ සමීපතම හා ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අමතා ඇති හෙතෙම ඔවුන් සමඟ ද තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ. තමන්ට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවක් ලැබී ඇති බවත් එයට අකැමැත්තක් නැති බවත් නාමල් මන්ත්‍රීවරයාටත් රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ටත් ධම්මික පෙරේරා මහතා කියා තිබිණි.

විපක්ෂ නායකවරයාගේ එක් සමීපතම ජ්‍යෙෂ්ඨයකු සමඟ ඔහු පැය 2 2/1ක පමණ දීර්ඝ දුරකථන සංවාදයක් ද පවත්වා තිබේ. තමන්ගේ තීරණය දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට අපේක්ෂා කරන්නේ යැයිද එහිදී ධම්මික පෙරේරා මහතා පැවසූ බව දේශයට වාර්තා වෙයි.

රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ මේ නිලධාරීන් දෙදෙනාම ධම්මික පෙරේරා තමන් සමඟ මේ ගැන සාකච්ඡා කළ බවට තහවුරු කර ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස දන්වමිනි.ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂට දැනුම් දී ඇත්තේ ඔහු මුණගැසීමෙන් පසුව බවද වාර්තා වෙයි.

දේශය

Related posts

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

colombotoday

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

colombotoday