Colombo Today Local News

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට මෙවර අමාත්‍යධූරයක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව අද (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැති අතර  එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එම හිටපු ඇමැතිවරයා  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින අතර ඔහු පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා  දැඩි ලෙස විවේචනය කළ  මන්ත්‍රීවරයෙකු බවද පැවැසේ.

එම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා ඔහුට අමාත්‍යධූරයක් නොදීමට තීරණය කර ඇතැයිද සඳහන් කර ඇත.

Related posts

බෙලිඅත්ත කෝච්චි පාර මහින්දගේවත්, අපේවත් අම්මගෙ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙවෙයි – ඇමති අර්ජුන

colombotoday

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

colombotoday