Covid 19World

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

එළඹෙන ඔක්තෝබර් මැද වනවිට එක්සත් රාජධානියේ දෛනිකව කොවිඩ් -19 ආසාදිතයින් 50,000ක් පමණ හමුවිය හැකිබවට එරට ප්‍රධාන විද්‍යා උපදේශකවරයා අනතුරු අඟවයි.

ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් පැවසුවේ ඉන්පසුව දෛනිකව 200 දෙනෙක් පමණ මරණයට පත්වීමට ද ඉඩ ඇති බවය.

මේවන විට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් පියවර ගත යුතුද යන්න පිළිබඳ ව අගමැති බොරිස් ජොන්සන් අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ද පැවසේ.

එක්සත් රාජධානියෙන් ඊයේ (20)දින කොවිඩ් -19 ආසාදිතයින් 3,899ක් සහ මරණ 18ක් වාර්තා වී තිබේ.

Related posts

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday

දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසීමෙන් සමූහ ආදාහනාගාර ඉදිවෙයි. | නිල කොවිඩ්-19 මරණ ගණන වරදී

colombotoday