Colombo Today Local News

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු  දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන තොරතුරු පිළිබඳව කතා කිරීමට නම් නොවේ.

එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් කෙනා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී.කේ. සිං (VK Singh) මැතිතුමා.
මේ හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ අද විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටියා. එය බොහෝ සුහදශීලී අතීතය ස්මර්ණය කරන පිළිසඳරක් බවට පත් වුණා.
මේ අතරින් බොහෝ දෙනෙක් ඉන්දිය සාම සාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවය නිරතව සිටි අය. ඒ අතීතයත් අමතක නොවන සිදුවීම් මේ කතා බහට ඇතුළත් වුණා.

ඔවුන් වෙන් වෙලා ගියේ පරණ අතීතය විසින් නැවත එක් කළ අලූත් මිතුරන් පිරිසක් ලෙසින්. මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුණේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි.

Related posts

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Admin