Colombo Today Local News

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

ඌව ආණ්ඩුකාරවරයා ලෙස පසුගියදා පත් කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාට එම ධූරයේ වැඩ බාර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පත්වීමට ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා විසින් දැඩි විරෝධයක් දැක්වීම නිසාය. කීර්ති ඌවේ ආණ්ඩුකාරයා කළොත් තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව චාමර ජනාධිපතිවරයාට දන්වා ඇති බවද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් කීර්තිව ඌවෙන් දකුණට මාරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර නොගත් බවට ද වාර්තා පැතිර තිබිණි.

මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

මාර්ෂල් පෙරේරා මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාය.

Related posts

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

colombotoday

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

colombotoday