Covid 19

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 121ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් – 27ක් මහනුවරින්

ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සෙසු 9 දෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් 27ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,639ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,095කි.

Related posts

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළට

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday