Colombo Today Local News

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති සියළුම ඉස්ලාම් ධර්මීය පෙලපොත් සියුම්ව අධ්‍යයනය කර සංහිඳියාවට හානිදායක වන ආකාරයේ කරුණු ඇත්නම් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කළේ එළැඹෙන පෙලපොත් සංශෝධනයේ දී ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවයි.

ඒ වෙනුවෙන් මේ වන විට කමිටුවක් ද පත්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සහරාන් වැනි ත්‍රස්තවාදීන් බිහි කිරීමට මුල්ව ඇත්තේ 1980 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ පාසල් පෙළපොත් බවට පසුගිය දා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් රිෂ්විත් නිෂාමන් මහතා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අවධානය මේ වන විට යොමු කොට තිබෙනවා.

ඉස්ලාම් දහම පිළිබඳ කරුණු ඇතුලත් ප්‍රධාන ග්‍රන්ථය ලෙස සැලකෙන කුරානයෙහි පවා සඳහන් නොවන කරුණු අධ්‍යාපන පෙළපොත්වල අන්තර්ගත කර ඇති බවයි එහිදී ඔහු අවධාරණය කළේ. 

1981 වසරේ සිට මුද්‍රණය කෙරෙන නවය සහ දහය යන ශ්‍රේණිවලට අදාළ ඉස්ලාම් පෙළපොත් හී “අපරාධය හා දඬුවම” යන මාතෘකාව යටතේ අපරාධ 06ක් සඳහා ලබා දෙන දඬුවම් සඳහන් කර ඇති බවයි නිෂාමන් මහතා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් වර්තමානයේ පාසල් වෙත නිකුත් කර ඇති ඉස්ලාම් ධර්මීය පෙළපොත්වල සමාජ මතභේදයට තුඩු දෙන අන්දමේ කරුණු අන්තර්ගත නොවන බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විද්‍යුත් මාධ්‍යයට ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

colombotoday

බ්ලොක් කරත් ෆේස්බුක් එන අය අල්ලන එක සිම්පල් වැඩක් – ඩිජිටල් ඇමති

colombotoday

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

colombotoday

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Admin