World

ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,800 කට අධිකය.

වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මේ වන විට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න වේ.

මේ වන විට අමෙරිකාවෙන් ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන අතර එය 398,000 ඉක්මවා ඇත.

ලොව පුරා මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවා තිබේ.

කෙසේ වෙතත් වෛරසය මහා පරිමාණයෙන් පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරය සති 11 ක් වසා දැමීමෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගනු ලැබීය.

මීට පෙර කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව 1,344 ක් වූ අතර එය අප්‍රේල් 4 වැනිදා වාර්තා විය.

මේ අතර අමෙරිකානු ගායක සහ ගීත රචක ජෝන්  ප්‍රයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණයට පත්වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ තහවුරු කළහ.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ බිරිඳට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ නමුත් පසුව ඇය සුවය ලැබීය.

රෝග ලක්ෂණ හේතුවෙන් ජෝන් ප්‍රයින් පසුගිය මාසයේ රෝහල් ගත කළ අතර පසුව ශ්‍රවණ ආධාරක යන්ත්‍රයක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගැණින .

Related posts

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday