World

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

ඇමරිකාවේ පවතින මුස්ලිම් දේවස්ථාන වසා දැමීම කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයි රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරන්නේ දේවස්ථානවලදී බව නිරතුරුවම තොරතුරු හෙළිවන බැවින් එම ස්ථාන තහනම් කළ යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

මැද පෙරදිග රටවලින් පිට සිදුකර ඇති සියළු අයි.එස්. ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කර ඇත්තේ දේවස්ථානවලදී බව සනාථ වී ඇත. ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා ප්‍රංශයේ සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් එම්.එස්.එන්.බී.සී රූපවාහිනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

මේ අතර ඇමරිකාවේ ප්‍රාන්ත 17ක් සිරියානු සංක්‍රමණිකයන් භාර ගැනීම නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මිචිගන් ප්‍රාන්ත ආණ්ඩුකාර රික් සිඩ්නි පවසා ඇත්තේ සංක්‍රමණකයන් ත්‍රම ප්‍රාන්තයට භාර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් සිරියානු අර්බූදය හා අයි.එස් ත්‍රස්තවාදයේ නීර්මාතෘවරුන් වන්නේද ඇමරිකාව බවයි ජාත්‍යන්තර මැදහත් විචාරකයන් පෙන්වා දෙන්නේ. 2011 අල්කයෙදා ප්‍රහාරය මෙන්ම තමන් වැපිරූ අස්වැන්න යළිත් වරක් ළගදීම නෙළා ගැනීමට ඇමරිකාවට සිදු වනු ඇති බවද එම විචාරකයන් මත පළකරනවා.

මූලාශ්‍රය

Related posts

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

සැගවී සිටින තබ්ලික් ජමාත් නායකයා ගැන තොරාතුරු දිල්ලි පොලීසියට

colombotoday

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday