අද දිවුරුම් දුන් නව භාරකාර රජයේ අමාත්‍යවරුන් අතරට පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම පිළිබදව මේ වන විට කතාබහක් ඇතිවී තිබේ.
මේ පිළිබදව උදය ගම්මන්පිල මහතා පවසන්නේ අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුව පවතින සීමිත ඉඩකඩ හේතුවෙත් තමන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දන්වා ස්වෙච්ඡාවෙන්ම ඇමතිකමක් භාර නොගැනීමට තීරණය කළ බවයි.