Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

යෝජනා කරන නව ව්‍යවස්ථාවක් සදහා වූ යෝජනාවලිය මගින් බුදුදහමට ප‍්‍රමුඛස්ථානය අහෝසි වන බවත් ඒකීය රාජ්‍යද අහිමි වන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද පැවසීය.

වගේම අපි දැක්කා අගමැතිතුමන් පුන පුනා ප්‍රකාශ කරනවා අපි රටේ ඒකීයභාවයට අත තියන්නේ නැහැ කියලා. අපි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ම වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි අංශක 180කින් හැරිලා සුමන්තිරන් මන්ත්‍රීතුමාත් කියනවා ඔවුනුත් ඒකීය රාජ්‍යය පිළිගන්න ලෑස්තියි කියලා.

ඒකීය භාවය ගැන සඳහන් වෙන්නේ දෙවෙනි වගන්තියෙන්. ඒකීයභාවය රැකීමට සූදානම් නම් ඒකීයභාවය ගැන සඳහන් වෙන ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තියෙ පද පෙරළි කරමින් වෙනස්කම් කරමින් එය පහුරු ගාන්නේ ඇයි. බුද්ධාගමට ලබාදුන් ප්‍රමුඛස්ථානය වෙනස් නොකිරීමට සූදානම් නම් එම වගන්තියත් එහෙන් මෙහෙන් වෙනස් කරමින් පදපෙරලි සිදු කරන්නේ ඇයි. අපි වගකීමෙන් කියනවා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, නොනිල අගමැති සුමන්තිරන් මැතිතුමනි, ඒකීය රාජ්‍යය රැකීමට කටයුතු කරන කාටවත් දෙවැනි වගන්තියෙ වරදක් පෙනෙන්නේ නැහැ.

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුයි කියන කාටවත් නම වෙනි වගන්තියෙ වරදක් පෙනෙන්නේ නැහැ. ඔබ කර ඇති වෙනස්කම් නිසා ඒකීය රාජ්‍ය විනාශ වී තිබෙනවා. ඔබ කර ඇති වෙනස්කම් නිසා බුද්ධාගමට ලබාදුන් ප්‍රමුඛස්ථානය අහිමි වී තිබෙනවා.

අපි අග්‍රාමාත්‍යතුමන් ට අභියෝගයක් කරනවා ඔබතුමන්ට සැබැවින්ම ඒකීය රාජ්‍ය වෙනස් නොකර තබා ගත යුතු නම් ඔබට සැබැවින් ම බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමට වුවමනා නම් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සහ නම වෙනි වගන්තියෙන් අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව පුලුවන්නම් ජාතියට ලබා දෙන්න. අපි මේ අභියෝගය නිල අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් නොනිල අගමැති එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමන්ටත් ඉදිරිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිබ්බේ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. – හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියයි..

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday