Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

එනිසා අර්ජුන් මහේන්ද‍්‍රන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තමනට හැකියාවක් නැති බවත් පවසා අගමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමති හමුවකදීය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාට ගෙනැවිත් දෙන බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවැරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්නා දිය යුතු බවටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

හිට්ලර්ගේ සහෝදරයා විසින් උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවත් ජාත්‍යන්තර පොලිසිය නුදුරේදීම අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට භාරදෙනු ඇති බවද අගමැතිවරයා සදහන් කර ඇත.

Related posts

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්

colombotoday

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

colombotoday

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday