Colombo Today Local News

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 483කට හානි සිදුව ඇති බවය.

කුරුණැගල, රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් ද අවහිර වී ඇති බව ඒ මහතා වැඩිදුරයත් පවසයි.

Related posts

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව සූකාගෙන් UN වෙත පච වාර්තාවක්.. යුද අපරාද චෝදන එල්ල කරයි !

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday

ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේදී බලහත්කාරයෙන් ලිංගික වහල් සේවයේ යොදවලා – රජ කුමරියක් හෙළිකරයි

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday