Colombo Today Local News

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

cabinet sl ctමෙවර අය – වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වසර අග සතියේ අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයකට රජය පියවර ගනිමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

දැනට අමාත්‍ය මණ්‌ඩලය තුළ උද්ගත වී ඇති අර්බුදය සමථයකට පත්කිරීම මෙම සංශෝධනයේ එක්‌ අරමුණකි. අමාත්‍යංශ විෂයයන් විද්‍යානුකූල ලෙස බෙදී නොයැම නිසා ඇතැම් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතරම මතුවී ඇති රාජකාරි අර්බුදය නිමා කර විද්‍යානුකූල පදනමකින් අමාත්‍යංශ බෙදා වෙන්කිරීම දෙවන අරමුණ වී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

නව රජයේ අමාත්‍යංශ බෙදාවෙන්කර දී ඇති ආකාරය නිසා ඉහළ නිලධාරීන්ටද රාජකාරි කිරීමේදී ගැටලු මතුව ඇති බවත් බොහෝ අමාත්‍යංශවලට මේ දක්‌වා කිසිදු කාර්යයක්‌ ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත් පැවසේ.

සර්වපාක්‍ෂික ආණ්‌ඩුවේ ප්‍රකාශිත කාලය වසර දෙකක්‌ බැවින් ජනවාරි මාසයේ සිට නව අමාත්‍ය මණ්‌ඩලය වැඩ කරන වසරක්‌ බවට පත්කිරීමට රජය කටයුතු කරගෙන යන බවද වාර්තා වේ.

– දිවයින

Related posts

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

colombotoday