World

අමෙරිකාවේ එක් දිනක් තුළ කොවිඩ් ආසාදිතයින් 60,000ක්

අමෙරිකාවේ දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (07)දින වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පැවසුවේ එම ගණන 60,000ක් බවය. ඊට පෙර වාර්තා වූ වැඩිම දෛනික රෝගීන් ගණන 55,220 කි. එය වාර්තා වූවේ ජුලි 2 වැනිදා ය.

එසේම කැලිෆෝනියා සහ ටෙක්සාස් ප්‍රාන්තවල දෛනිකව කොවිඩ් ආසාදිතයින් 10,000 ඉක්මවා වාර්තා වී ඇත.

මේවන විට අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 3කට වඩා හමු වී ඇති අතර මියගොස් ඇති ගණන 133,000 කි.

Related posts

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

එයාර් ඉන්දියා ගුවන් සමාගමට සයිබර් ප්‍රහාරයක් | මගීන් ලක්ෂ 45කගේ තොරතුරු සොරා ගෙන

colombotoday