Colombo Today Local News

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

සීදූව අම්බලම්මුල්ල ගංගාරාම විහාරය ඉදිරිපිට සංචාරක හෝටලයක් ආසන්නයේ මූලධර්මවාදී යාඥා සිදුකරන රාජ්‍යනොවන සංවිධානවල (එන්.ජී.ඕ) උපකාර මත පවත්වාගෙන යන ස්ථානයක් හේතුවෙන් නොසන්සුන් වූ ජනතාව එම ස්ථානය ඉදිරිපිට ටයර් පුළුස්සා ඊයේ (03 වැනිදා) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

මෙම ස්ථානය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල අනවසරයෙන් ඉදිකරන ලද්දක් බවත් එය පවත්වාගෙන යාමට නගර සභාවෙන් අවසරයක් ද ගෙන නැති බවත් විරෝධතාකරුවෝ පැවසූහ. “එම ගොඩනැගිල්ල මිලට ගෙන අධිකරණයේ පවතින විමර්ශනයකට පවා පිටුපාමින් යාඥා මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමෙන් ප‍්‍රදේශයේ ජනතාව නොසන්සුන් වී මෙලෙස විරෝධය පෑහ”

මෙම ස්ථානය ගැන සීදූව පොලිසියට මේ වනවිට බහුජන සංවිධාන සහ ප‍්‍රදේශයේ ජනතාව විසින් පැමිණිලි දෙකක් කර ඇත. එම පැමිණිලි විසදුමකට පත්නොවීමෙන් අනතුරුව අධිකරණයේ මේ වන විට පැමිණිල්ලක් දමා විභාගයට ගෙන තිබේ. ඒ වෙනුවෙන් පැවැති එක් නඩුවාරයකදී අදාළ ස්ථානය පවත්වාගෙන යන පූජකයා හෝ කිසිවකු අධිකරණයට වාර්තා නොකිරීමේ හේතුවෙන් මේ මස 15 වැනිදා තෙක් විභාගය කල්තබා තිබියදී ඒ ගැන හෝ නොතකා හිතුවක්කාර අන්දමට යාඥා පැවැත්වීමට අදාළ දේවගැතිවරයා කටයුතු කර ඇත.

මෙම ජනතා විරෝධයට මීගමුව අධ්‍යාපන කලාපයේ කටාන කොට්ඨාසයේ ගුරුඋපදේශක මහානාම ස්වාමීන්වහන්සේ මෙන්ම කටුනායක සීදූව නගර සභාවේ නාගරික මන්ත‍්‍රී (ශ‍්‍රී.පො.ජ.පෙ) රුවන්චින්තක” නාගරික මන්ත‍්‍රී (එ.ජා.ප) අයිරංග යන මහත්වරු ද එක්ව සිටියහ.

Related posts

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන බවට කම්කරු ඇමැතිගෙන් සහතිකයක්

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday